කල්මුණේ ප්‍රහාරය IS බාර ගනි

0
99

කල්මුණේ ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා (26) රාත්‍රී තම සංවිධානයේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළ බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර ඇත.

අමාක් පුවත් සේවය උපුටා ගනිමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ සිය සංගමයේ සාමාජිකයින් තිදෙනෙකු අදාළ ප්‍රහාරය සිදුකර ඇති බවය.

බෝම්බ  පුපුරුවා හැරීම්වලට පෙර පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව අයි.එස්. සංවිධානය ඊයේ (27) දිනයේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අයි.එස්.සංවිධානයට හැකි වී නැත.