තහනම් සංවිධාන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට  මෙහෙයුම්

0
86

හදිසි නීති රෙගුලාසි යටතේ තහනම් කරන ලද ජාතික තවුහිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධානවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වහාම ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම සංවිධානවල වත්කම් සම්බන්ධයෙන් සෙයා බලන ලෙස ද උපදෙස් දුන් බවයි.

ඒ පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

ඔහු සඳහන් කළේ, අදාළ තහනම් සංවිධාන සමග සම්බන්ධතා පවත්වන වෙනත් සංවිධාන සම්බන්ධයෙන් ද කරුණු සොයා බලන බවයි.

ජනාධිපතිතුමා විසින් අදාළ සංවිධාන ඊයේ රාත්‍රි එළෙස තහනම් කරන ලද්දේ 2019 අංක එක දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතළ ප්‍රකාරවයි.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විය.