ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමෙන් රජය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

0
100

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොලිස්පති පූජිත් ජයසුන්දර, නීතිපතිවරයා සහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු 10 දෙනෙකු නම්කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත්දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කලින්ම රජයට තොරතුරු වාර්තා කර තිබූ බවයි.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රජය දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දේ.