වැලිපැන්නෙන් ගුවන් යානා නාශක උණ්ඩ හමුවෙයි

0
90

වැලිපැන්න ‘රාමියා පාර’ ප්‍රදේශයේ ගම්මානයකින් අද (29) ගුවන් යානා නාශක උණ්ඩ 5 ක් සහ ඩෙටනේටරයක්  සොයාගෙන තිබේ.

පොලිසිය පැවසුවේ බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත මේවා සොයා ගත් බවයි.

මෙම ගුවන් යානා නාශක උණ්ඩ අඟල් අටක් දිග ඒවා බව පොලීසිය ප්‍රකාශ කළේය.

අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් පරීක්ෂා කොට ඩෙටනේටරය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.