පාසල් වාරය ආරම්භයත් සමග පාසල් සඳහා දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවේ සහය මේ සඳහා ලබා ගෙන ඇති බවයි.

තවද පොලිස් මූලස්ථානයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබේ.

මීට අමතරව පාසල් ගුරුවරුන් හා දෙමාපියන් සමඟ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට සියලුම පොලිසිවලට උපදෙස් දී ඇතැයි හෙතෙම පැවසීය.

පාසල් අසල වාහන නතර කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර මේ කටයුතු සඳහා ජනතා සහයෝගය බලාපොරොත්තු වන්නේ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.