කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි පිහිටි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කර ඇත. 

මන්නාරම ආරක්ෂක අංශ පැවසූවේ එහිදී අමාත්‍යවරයාගේ නිවස ඇතුළුව තාරාපුරම්හි තුර්කි නගර් නැමති මුස්ලිම් ගම්මානය පරීක්ෂාකට ලක්  කළ බවයි.

මෙම සෝදිසි මෙහෙයුම සදහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටියේය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස තුළ තිබි කිසිදු සැකකටයුතු යමක් සොයා ගැනීමට නොහැකිවූ බවද ආරක්ෂක අංශ සදහන් කර ඇත.

ආරක්ෂක අංශ පැවසුවේ තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි පිහි කිහිපයක් සොයාගත් අතර අදාළ උපකරණ මන්නාරම පොලිසිය වෙත භාරදුන් බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය සිකුරාදා රාත්‍රියේදි මස්කට් නුවර බලා පිටත්විය.