නුවරඑළිය පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ආඟරපතන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් සැරයන්වරයා ආඟරපතන පොලිස් ස්ථානයේ .අවි ගබඩා පාලක ලෙස කටයුතු කරමින් සිටියදී එහි අවි ගබඩාවෙන් අවි දෙකක් අස්ථාන ගතවීම සම්බන්ධව චෝදනාවට ලක්වී ඇත.

ඒ අනුව නුවරඑළිය පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් කල විමර්ෂණයේදි සැකකරු වන පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඊයේ (09) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි. සැකකරු මෙම මස 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර ඇත.