අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මේ වන විට ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු අත්සන් තබා ඇති බවයි.