පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

වාහන සඳහා පනවා ඇති බදු ඉහළ දැමීම, රුපියල අවප‍්‍රමාණය වීමෙන් වාහන මිල ඉහළ යාම හේතුවෙන් වාහන අලෙවිය 60% කින් පමණ අඩුවී තිබූ බව හෙතෙම පැවසීය.

ඔහු සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම තත්වය 85%කින් පමණ වර්ධනය වු බවයි.

රට තුළ ආර්ථිකය කඩා වැටීම, ව්‍යාපාර කඩා වැටීම, ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම මෙම තත්වයට බෙහෙවින් බලපා ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.