මෙවර ‘මෑන් බුකර්’අන්තර්ජාතික සාහිත්‍ය සම්මානය, ඕමානයේ කතුවරියක වන ජෝකා අල්හර්ති(Jokha Alharthi)  හිමි කරගෙන තිබේ.

අරාබි බසින් නවකතා ලියන නවකතාකාරියකට මෙම සම්මානය හිමිවු පළමු අවස්ථාව මෙයයි.

40 හැවිරිදි ජෝකා අල්හර්ති විසින් රචනා කළ ‘සෙලෙස්ටි‍්‍රයල් බොඞීස්’ (Celestial Bodies) නමැති නවකතාව වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි වී තිබේ.

මෙම නවකතාව ‘සෙලෙස්ටි‍්‍රයල් බොඞීස්’ යනුවෙන් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත්තේ මැරලින් බෘත් (Marilyn Booth) විසිනි.