ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත  දුරකථන ඇමතුමක් ලබා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා ලත් විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳ සුබපැතුම් එක් කොට තිබේ.

නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඉතා සමීපව කටයුතු කරන අයෙකු ලෙස මෙම ඓතිහාසික ජයග‍්‍රහණය පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉදිරි පාලන කාලය තුළ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරත් ශක්තිමත් වනු ඇති බවට ද විශ්වාසය පළ කර ඇත.

දුරකථනය ඔස්සේ කථා බහක නිරත වූ නායක දෙපළ සහෝදර රාජ්‍යයන් ලෙස සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද සහතික වී ඇත.