ඊශ්‍රායලයේ පසුගිය අප්‍රේල් 9 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසු සන්ධාන රජයක් පිහිටුවා ගැනීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අපොහොසත්ව තිබේ.

මේ හේතුවෙන් සැප්තැම්බර් 17 වැනිදා යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි.

පසුගියදා පැවති මහ මැතිවරණයෙන් තේරි පත්වූ ඊශ්‍රායලයේ දේශපාලන පක්ෂ එක්ව සන්ධානයක් පිහිටුවා ගැනීමට අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් කාල සීමාව අවසන් වීමත් සමග  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමෙන් පසු ඊයේ සම්මත කර ගැණුනා.

ඊශ්‍රායල දේශපාලන ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් වු ප්‍රථම අවස්ථාව මෙයයි.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ඉක්මනින් රජයක් පිහිටුවා ගැනීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉන් හැකියාව ලැබෙනු ඇති බවත් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ මීට දින කිහිපයකට පෙර සඳහන් කර තිබුණා.