ග්‍රෑම් 245 ක බරකින් යුතු ලොව කුඩාම නොමේරු ළදැරිය ලෙස විශ්වාස කරන සේබි 2018 වසරේ දෙසැම්බර් මාසයේදී මෙලොව දකින විට සති 23 යි දින 3 කි.

මවට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සිසේරියන් සැත්කමකින් සේබි මෙලොව එළිය දුටුවා.

එදින සේබිගේ ප්‍රමාණය විශාල ඇපල් ගෙඩියකට සමාන වුණා.

සාමාන්‍ය දරු උපතක් සති 37 ත් 42 ත් අතර සිදුවන අතර වෛද්‍යවරු පවසා තිබුණේ ඇය පැය කිහිපයක් පමණක් ජීවත්වනු ඇති බවයි.

කෙසේ වෙතත් වෛද්‍යවරු ඇතුළු රෝහල් හෙද කාර්ය මණ්ඩලයේ නොපසුබට උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස දිනෙන් දින සේබි පිළිබඳ බලාපොරොත්තු ඉහළ යෑමට පටන් ගත්තා.

කැලිෆෝනියාවේ සැන් දියාගෝහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සේබි මාස පහක කාලයක් තුළ සාමාන්‍ය දරු උපතක බරට සමාන බරක්වන කිලෝග්‍රෑම් 2.5 ක බරක් දක්වා වර්ධනය වී තිබුණා.

ඇයට සත්කාර කළ හෙදිය පවසා ඇත්තේ ඇයගේ ජීවිත්වීම සැබවින්ම හාස්කමක් බවයි.

වෛද්‍යවරු පවසන්නේ සේබිගේ දිවි රැකීමට ප්‍රධාන හේතුව ඇයට කිසිදු බරපතල රෝගී තත්ත්වයක් ඇති නොවීම බවයි.

සාමාන්‍යයෙන් නොමේරු ළදරුවන්ට ඇති විය හැකි මොළයේ රැධිර වහනය,ස්නායු සහ හෘද රෝග කිසිවක් ඇයට නොමැත.