දකුණු කොරියානු සංචාරකයින් රැගත් යාත්‍රාවක් හංගේරියාවේ බුඩපෙස්ට් හි ඩනුබි ගංගාවේ ගිලීමෙන් අනතුරට ලක් වෙයි.

විදෙස් වාර්තා පැවසුවේ යාත්‍රාව අනතුරට ලක්වන විට එහි 33 දෙනෙකු යාත්‍රා කරමින් සිටි බවයි.

ඔවුන් සියලු දෙනා දකුණු කොරියානු ජාතිකයින්.

එහිදී 7 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියානු සංචාරක සමාගමක් හරහා එම සංචාරය සඳහා පවුල් 9 ක් සම්බන්ධ වූ බවයි.

ඔවුන්ගෙන් වැඩි පිරිස වයස අවුරුදු 40 ත් 50 අතර පසුවන අතර එක් කුඩා දරුවෙකුද සිටි බව වාර්තා වනවා.

අනතුරට ලක්වූ සංචාරක යාත්‍රාව හිමි සමාගම පැවසුවේ අනතුරට හේතුව තවමත් අනවරණ වී නොමැති බවයි.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.