එංගලන්තයේ ලන්ඩන් නුවරදී 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය චාම් අන්දමින් ආරම්භ කෙරිණි. මධ්‍යම ලන්ඩනයේ බකිංහැම් මාලිගය ඉදිරිපස මාර්ගයේ රැස්වූ මෙවර තරග වදින කණ්ඩායම් 10 හා ආධාරකරුවන් සමාරම්භක අවස්ථාව උත්සවාකාරයෙන් සැමරීම ද විශේෂත්වයක් විය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වත්මන් පිලට අමතරව හිටපු නායක මහේල ජයවර්ධන හා මළල ක්‍රීඩිකා දමයන්ති දර්ශා ද එක්ව සිටීම දක්නට ලැබුණි.

මෙම අවස්ථාවට ඕස්ට්‍රෙිලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටින් ද පැමිණ සිටියා. හිටපු කොදෙව් නායක විවියන් රිචර්ඩ්ස්ද එක්වූ අතර ලෝකයම කථාබහට ලක්වූ නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසෆ්සි මෙන්ම බොලිවුඩ් නළු ෆර්හාන් අක්තර්ද එක්වීම තවත් විශේෂ සිදුවීමක් විය.