පොලිස් සේවයේ සිට සිය සේවය අතහැර යාමේ නියෝගයන්ට ලක් වු හිටපු පොලිස් නිලධාරීන් විසින් අද උදැසන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුනා.

සේවය අතහැර යාමේ නියෝගයන්ට ලක් නිලධාරී සංගමය විසින් සංවිධානය කර තිබු මෙම උද්ඝෝෂණය සදහා සේවය අතහැරයාමට ලක්වු හිටපු පොලිස් නිලධාරීන් 500 කට අධික පිරිසක් සහභාගි වි සිටියා.

එහි දි අදහස් දැක්වු එම සංගමයේ කැදවුම්කරු ඩි.එම්.ආර්.බි. දිසානායක මහතා සදහන් කලේ පසුගිය වසර 28 ක කාලය තුල විවිධ විෂමතා සදහා අත්අඩංගුවට ගත් හා වැඩ තහනම් කළ පොලිස් නිලධාරීන්ටද නැවත සේවය ලබා දෙනු ලබන බවත්, දෙපාර්තමේන්තු අකාර්යක්ෂමතාව නිසා සේවය අතහැරයාමට ලක්වු පොලිස් නිලධාරීන් නැවත සේවයේ පිහිටුවිමට ජාතික පොලිස් කොමිෂන් සභාව හා හිටපු පොලිස්පතිවරයාගේ කඹ ඇදිල්ල නිසා මන්දගාමීව සිදුවු බවයි.

මෙම උද්ඝෝෂණය සදහා ශ්‍රි ලංකා පොලිස් ඥාති සංසදයේ නිලධාරීන් ද සහභාගි විය.

එහි දි අදහස් දැක්වු එම සංගමයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මහතා සදහන් කලේ නිතිය හා සාමය පිළිබද අමාත්‍යංශයෙන් එම නිලධාරීන් නැවත සේවයේ පිහිටවීමෙන් පසු ඔවුන්ගේ වැටුප් ගෙවීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා මුදල් අමාත්‍යංශය වෙත යවා තිබුණ ද එම ලිපි වලට අදාලව මේ වන විටත් මුදල් අමාත්‍යංශයෙන් කිසිදු පිළිතුරක් ලැබි නොමැති බවයි.

මුදල් අමාත්‍යංශය හා නිතිය හා සාමය පිළිබද අමාත්‍යංශය අතර පවතින සීතල යුද්ධය නිසා අවශ්‍ය ප්‍රතිපාදන  වෙන් නොකිරිම මත එම සේවය අතහැර යාමේ නියෝගයන්ට ලක්වු හිටපු පොලිස් නිලධාරීන් නැවත සේවයේ පිහිටු විමට නොහැකි බව නිතිය හා සාමය පිළිබද අමාත්‍යංශය පැවසු බව හෙතෙම සඳහන් කළේය.

එබැවින් මෙම අමාත්‍යංශ දෙක අතර පවතින ගැටුම ජනාධිපතිවරයා වහාම සමතයට පත්කර කඩිනමින් පොලිස් නිලධාරින්ට සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.