මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට මොහොතකට පෙර උපවාසය අත් හරිනු ලැබීය.

ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි.

අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව මහනුවර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.