නැවත තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.

ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහය නොදක්වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.