අප්‍රේල් 20 වැනිදා සවස තමාට 21 වන දින බරපතළ කුමක් හෝ දෙයක් සිදුවිය හැකි බව පවසමින් දුරකථන ඇමතුමක් ලැබුණු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

සවස 6.30 ත් 8 ත් අතර කාලයේ දී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම දුරකථන ඇමතුම ලබා දුන් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී “හෙට භයානකයි, කුමක් හෝ විය හැකියි” යනුවෙන් එම දුරකථන පණිවුඩයෙන් තමාට පැවසු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

පසුව තමන් ඒ පිළිබඳව  උතුරු, නැගෙනහිර, දකුණු ආදී වශයෙන් පළාත්වල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දී සියලු දෙනා දැනුවත් කරන ලෙස ප්‍රකාශ කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඔක්තෝබර් 23න් පසු තමා නොකැඳවූ බව ද දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවසීය.