මධ්‍යම අප්‍රිකාවේ රටවල් කිහිපයකට නව ඉබෝලා වෛරසය පැතිරයාමේ අවධානමක් මතුව තිබේ.

2013 වර්ෂයෙන් පසුව ඉබෝලා වෛරසය වසන්ගත තත්ත්වයට පත්විමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

කොන්ගෝ රාජ්‍යයේ පමණක් ඉබෝලා වෛරසය හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 1400 දෙනෙකු පමණ මියගොස් තිබේ.

උගන්ඩාවට ද මෙම වෛරසය පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.