ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු මෙන්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සංඛ දිනෙත් පසුගියදා ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරදී සිය රසිකයින් වෙනුවෙන් සජීව ප්‍රසංගයකට සහභාගි වුණා.

-සංඛ සමග උණුසුම් සංගීත සදෑවක්- ලෙස නම් කර තිබූ ප්‍රසංගය සංවිධාන කළේ ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවර පිහිටි ෆනෑන්ඩු රියදුරු පාසලයි.

තම රියදුරු පාසලෙන් සේවය ලබා ගත් සියලු දෙනා සහ ඩාර්වින් නුවර වාසය කරන සංඛගේ රසිකයින් වෙනුවෙන් මෙම ප්‍රසංගයේ සියලු බර පැන ෆනෑන්ඩු රියදුරු පාසල විසින් දැරීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව අවම ශ්‍රී ලාංකික ජන ගහනයක් සිටින ඩාර්වින් නුවරට සංඛගේ මෙම ප්‍රසංගය අපූරු අත්දැකීමක් එක් කළා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ බ්‍රිස්බේන්  හිදී  සිය රසිකයින් පිනවු සංඛ මෙම සති අන්තයේදී  සිඩ්නි නුවරදී තවත් ප්‍රසංගයට සහභාගි වීමට නියමිතයි.

 

 

88

ඡායා රූප – සුජීව කුමාරසේන, බුද්ධික හේරත්, සුසිත් ඉන්දික