ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී ඇත.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා භාවිත කළ හැකි බවයි.

ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතන මගින් ගෙවීම් පහසු කිරීම මෙම මුදල් ඒකකය හදුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වනවා. ‘‘කැලිබ‍්‍රා’’ නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකයේ ගෙවීම් සිදුකළ හැකි බව ෆේස්බුක් සමාගම පවසයි.

මෙම නව ඩිජිටල් මුදල් ඒකකය ලබන වසරේ සිට භාවිතයට ගැනීමට නියමිතයි.