ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා වෙත පෞද්ගලික ලිපියක් ලැබී ඇතැයි උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය අද(23) වාර්තා කළේ  කිම් ‍ජෝන් උන් මහතා මෙම ලිපිය කියවා ඇති ඇති අතර, එහි ඇතුළත් ඉතා යහපත් අන්තර්ගතයන් පිළිබඳව ඔහු සතුටට පත්ව ඇති බවයි.

එහි ඇති ප්‍රයෝජනවත් අන්තර්ගතය පිළිබඳව තමන් ගැඹුරින් මෙනෙහි කරන බව ද උතුරු කොරියානු නායකයා පවසා ඇත.

කෙසේ වෙතත් මේ ලිපියේ අන්තර්ගත කරුණු මොනවාද යන්න පිළිබඳ වැඩිදුර විස්තර උතුරු කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය අනාවරණය කර නොමැත.