ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා සාමාජිය තත්වය පිළිබඳවත් ජාතික සම්පත් විකිණිම හා ණය උගුල ඇතුළු කරුණු පිළිබඳවත් ආර්ථික හා සමාජීය පර්යේෂක, ආචාර්ය පියවි විජේවර්ධන මහතා සමඟ ColomboGazette වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධනය ක්‍රියාවලිය ඔබ හඳුනාගෙන තිබෙන්නේ කෙසේද?

රටක ආර්ථික සංවර්ධනය පිළිබඳව කටයුතු කිරිමේදි සලකා බලන ලොව පිළිගත් නිර්නායක කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි රටේ ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන එහෙම නොවුනොත් අලියා තමන්ගේ ප්‍රමාණය නොදැන හෙණ්ඩුවට බය වෙලා ඉන්නවා වගේ තමයි ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නෙත් ඒකයි අපි හිතන්නෙත් ශ්‍රී ලංකාව කිව්වහම වර්ග කිලෝමිටර් 65 625 ක් ගැන විතරයි හැබැයි ඊට එහා ගිය වර්ග කිලෝමිටර් පන්ලක්ෂ දාහත් දහසක මුහුදු කලාපයක් ශ්‍රී ලංකාව සතු බව අපි හිතන්නේ නැහැ. ගැටළුව තියෙන්නේ සංවර්ධන කාර්යේදි මෙම මුළු භුමි ප්‍රමාණය පිළිබඳව හිතනවද කියන කාරණය. විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලංකාව ගන්න ණය භාවිත කිරිමේදිත් මේ පිළිබඳ අවධානය යොමු කරන්නේද පිලිබඳ ගැටළුවක්. ඒ නිසා අපිට පුළුවන්නම් පාසල් සිසුවාගේ ඉඳන්ම මේ වර්ග කිලෝමිටර් 65625 කියන එක ඔළුවෙන් අයින් කරලා වර්ග කිලෝමිටර් 5 17000 හිතන්න පුළුවන් නම් ඒක තමයි මේ ක්‍රියා වලියේ පළමු පියවර.

ශ්‍රී ලංකාවේ මානව සම්පත නිසි අයුරින් සංවර්ධන ක්‍රියාවලියට දායක කරගෙන ති‍යෙනවාද කියලා ඔබ හිතනවාද?

විශේෂයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩයස් පෝරාව තාක්ෂණික වශයෙන් අධ්‍යාපන වශයෙන් හා අනෙක් සෑම ක්ෂේත්‍රයකම ලොව පුරා විසිරි සිටින අපේ ජනතාව සංවර්ධනය සඳහා දායක කරගන්න වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් නැහැ. තවත් මෙහිදි සලකා බැලිය යුතු එක් කරුණක් තමයි ඉන් එහා ශ්‍රි ලංකාවේ සංවර්ධනය ගැන හිතනකොට අමාත්‍යංශ පිළිබඳව බොහෝ දෙනෙක් කියනවා අමත්‍යංශ ප්‍රමාණය අඩුකරන්න ඕන කියලා මෙය සංකල්පයක් ලෙස ඉතාම හොඳයි නමුත් ශ්‍රි ලංකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක හිතන්න ඕන. මම කියන්න කැමැතියි අමාත්‍යංශ අඩු කරනවා කියන කාරණයට වඩා අමාත්‍යංශ අතර මනා සුසංයෝගයක් ඇති කිරිම වැදගත්. අද බලන්න අමාත්‍යංශ අතර නියමාකාර සුසංයෝගයක් නොමැතිකම නිසා අනවශ්‍ය වියදම් වැඩිවෙලා තියෙනවා උදාහරණයකට ගත්තොත් මේ අමාත්‍යංශවලට හොඳ දත්ත සැලැස්මක් තියෙන්න ඕන. එහෙම වුනාම හරි අවබෝධයක් එනවා සම්පත් ඌණ අමාත්‍යංශ මොනවද අතිරික්ත සම්පත් ඇති අමාත්‍යංශ මොනවාද කියන එක ගැන.

රාජ්‍ය ණය ප්‍රතිපත්තිය පිළිබද ඔබේ අදහස කුමක්ද?

ශ්‍රි ලංකාව ණය උගුලක හිරවෙලා. ශ්‍රී ලංකාව දෛනිකව අලාභ ලබන රටක් බවට පත්වෙලා තිබෙනවා. එහි ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ණය ගෙවාගන්න බැරුව ඒ අය ඉල්ලන ඉල්ලන විදිහට රටේ ණය සම්පත් ඉතා අඩු ලංසුවකට ණය දෙන රටවල් වලට දෙන්න වෙනවා. දැන් ගත්තහම චීනය ලොව බොහෝ රටවලට ලාභයක් ඉපයීමේ අරමුණින් ණය ලබා දෙනවා. රටේ දේශපාලන බලය හෝ ආගමික මතවාද ව්‍යාප්ත කිරීම ආදි සාධක චීනයට අදාළ වෙන්නෙ නැහැ. ඔවුන්ගේ ආක්‍රමණශිලි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ ලාභ ඉපයීම වෙනුවෙන් චිනය ඉතා උපක්‍රමශිලිව ණය ලබා දීම තුළින් ආසියාව සහ අප්‍රිකාව වැනි රටවල් නතු කරගෙන තියෙනවා.ඔවුන් ඇමරිකාවට පවා ණය දිලා තියෙනවා.ඉතින් අපි වගේ රටවල් චීනයෙන් ණය අරගෙන ඔවුන්ගේ වහලුන් බවට පත්වෙනවා. අනතුරුව අදාළ ණය ගෙවා ගැනිමට නොහැකි වුනාම ඒ රටවලට තමන්ගේ සම්පත් ඉතා අඩු මුදලට චිනයට ලබාදෙන්න සිද්ධවෙනවා.හොඳම උදාහරණය තමයි හම්බන්තොට වරාය. එම වරාය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ට අපි චීනයට බදු දෙනවා.මේ කාරණයෙන් දේශපාලඥයෝ සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක එක ඉලක්ක තියාගෙන ජනතාවට ඉතා ලොකු ලොකු ඉලක්ක කියනවා ඩොලර් බිලියන විදිහට. නමුත් සාමාන්‍ය ජනතාවට ඒක ලොකු ගණනක්ද පොඩි ගණනක්ද කියලා දන්නෙ නැහැ. නමුත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් කියන්නේ අමාත්‍යංශයක් මාස 6ක් නඩත්තු කරන්න යන වියදම. ඉතින් ඇයි අපි ඒ වගේ ගානකට හම්බන්තොට වගේ වරායන් චිනයට දෙන්නෙ. මේ තරම් අලෙවිකරණ විභවයක් ඇති වරායක් මේ තරම් හිඟන මුදලකට ඇයි අපි දෙන්නෙ? මොකද චීනය අපිට ණය දීලා තියෙනවා ඒ නිසා ඔවුන් ඉල්ලන ඉල්ලන ගාණට අපේ සම්පත් දෙන්න වෙලා. දැන් වෙනකොට අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 82%ක් ණය. මේක අපේ රටේ දෛනික අලාභයට හේතු වෙනවා.

චීනයේ ආර්ථික පසුබෑම අපිට දැනෙන්නේ කොහොමද?

චීනයේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගයේ අඩාලවීමක් සිදුවෙලා තියෙනවා මේක ගෝලීය ප්‍රශ්නයක් විශේෂයෙන් ලෝකයේ ගොඩක් රටවල් චීනයේ ණයකරුවන්.ඒ වගේම චීනයේ ලොකුම පාරිභෝගිකයා වෙන්නෙ ඇමරිකාව. ඒ නිසා මේක ඇමරිකාවට පවා බලපානවා. කොහොමවුනත් සාපේක්ෂව ගත්තහම ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ඇති රටකට සෘජුව බලපාන්න හිතන්න බැහැ. භාන්ඩ හා සේවා හුවමාරුවේ වෙනසක් සිදු නොවේවි. කෙසේ වෙතත් මෙය චීනයේ ප්‍රතිපත්ති වෙනසකට හේතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ලෝක මට්ටමින් ඇතිවන බලපෑම් මත ඉන්දියන් සාගරය සම්බන්ධව ඒ වගේම ශ්‍රී ලංකාව ආශ්‍රිත කළාපයේ ඇති සම්පත් පිලිබඳව ඔවුන් සතු අවධානය වෙනස් වෙන්න පුළුවන්. ඉන්දීය සාගරයේ බලය අත්පත් කරගැනීමට ඔවුන් භාවිත කරන විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා හුවමාරුවේ වෙන වෙනසට වඩා පාලකයින්ගෙ මානසිකත්වයේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රතිපත්තිවල සිදුවන වෙනස පිලිබඳව තමයි අපි පරිස්සම් වෙන්න ඕනෙ. චීනයේ මේ ආර්ථික වර්ධන වේගයේ අඩාල වීම වසර තුනක විතර ඉඳන් එන එකක්. මෙම තත්ත්වය තවත් වසර දෙකක් පමන පවතිනු ඇති බවට තමයි පුරෝකතනය කරන්නෙ. ඉතින් මේ තත්ත්වය මත චීනය ගන්න ප්‍රතිපත්ති තීරණ පිලිබඳව අවධානයෙන් යුතුව බලා ඉන්න වෙනවා.