බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ඣායනයක් සහ අධිෂ්ඨාන පූජාවක් ඊයේ(22) රාත්‍රියේ රුවන්වැලිසෑය අබියස දී පැවැත්විණ.

මේ සඳහා මහා සංඝරත්නය 500 නමක් වැඩම ⁣කරනු ලැබු අතර පිරිත් සජ්ඣායනයක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්විය.

මෙය බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර ළමා හා කාන්තා කටයුතු වියළි කලාප සංවර්ධන ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද එක්ව සිටියාය.

මෙහි  ප්‍රධාන අරමුණ වුයේ ලක් මාතාවට සතුරු කරදර දුරු වී සාමය උදාවී ලක්වාසී සැමට සෙත් පැතීමය.