වැල්ලවාය පොලිසියට ලද තොරතුරක් අනුව සිදු කල වැටලීමකදී සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙනතිබෙනවා.

මෙම කච්චේරිය සැකකරුගේ නිවසේ භූගත ස්ථානයක පවත්වාගෙන ගොස් ඇති අතරඑහි තිබී රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුදා හැටතුනක්, පරිගණක, ස්කෑන්යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු විසින් ජාතික හැදුනුම්පත්,උප්පැන්න,මරන,විවාහ සහතික,වාහන ආදයම්බලපත්‍ර,වැලි ප්‍රවාහනබලපත්‍ර,ජල විදුලිබිල්පත්,ඉඩම් ඔප්පු ඇතුළු ලියකියවිලි රාශියක් ව්‍යාජ ලෙස සකස් කර තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර පදිංචි පුද්ගලයන් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම මෙහෙයුම මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් සහ නියෝග මත වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පො.ප සී.පී ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් උ.පො.ප නිංශ්සක මහතා ඇතුළු වැල්ලවාය පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කර ඇත.