වෛරී ප්‍රකාශ හා පණිවුඩ හුවමාරු කිරීම වැළැක්වීමට  ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.

ඔහු සදහන් කළේ ඒ බව සිය සංගමයට දැනටමත් දැනුම් දී ඇති බවයි.

ෆේස්බුක් ප්‍රමිති උල්ලංඝනය කරන ගිණුම් හා සටහන් ඉවත් කිරීම,  මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරය අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදා ගතහැකි ෆෙස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන, ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින සටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම යනාදිය අදාළ ඒකකයේ මූලික කාර්ය වී තිබේ.

පසුගිය සමයේ ෆෙස්බුක් හරහා වෛරී ප්‍රකාශ හුවමාරු වීම නිසා රජය කිහිපවරක්ම ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකට පිවිසීම අවහිර කෙරිණ.

එය පදනම් කරගනිමින් ෆෙස්බුක් ආයතනය මෙම පියවර ගෙන තිබේ.