ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය නැවත ගොඩනැගී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (25) සහභාගී වෙමිනි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයේ යළි විශ්වාසය තහවුරු වී ඇති බවත් ඔවුන්  ඩොලර් මිලියන 6,000ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කර ඇති බවත්  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.

ඔහු පැවසුවේ ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳ  විශ්වාසය තහවුරු කළා සේම තුන්වන අභියෝගය ලෙස ඉදිරි මාස කිහිපය තුළ සංචාරකයන් පිළිබඳ  විශ්වාසය ඇති කිරීමට කටයුතු කරන බවයි.