සිරකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය සඳහා තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ සෝෆා සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් ම විරුද්ධ බවයි.

වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා ඇත.

ඔහු පෙන්වා දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටට නායකයින් දෙදෙනෙකු බිහි වූ බවයි.

ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය.

එමෙන්ම ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේය.