අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට අනිවාරයෙන් වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒ, වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු නිසා බව සඳහන් වේ.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ද දියත් කළ අතර ඉන් පසුව වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තෙක් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත‍්‍රී 12 සිට පැය 24ක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවය.

ප‍්‍රවාහන අමාත්‍යංශය ඊයේ (26) දුම්රිය අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත් කිරීමේ ගැසට් පත‍්‍රය සකස් කර ජනාධිපතිවරයාට අත්සන් කිරීම සඳහා යොමු කර ඇත. අදාළ අත්සන් කිරීමෙන් පසු දුම්රිය අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත්වෙන බවත් ඉන්පසු වර්ජනයේ යෙදුන හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

දෛනිකව දුම්රිය සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගන්නා මගීන් සංඛ්‍යාව ලක්ෂ 04කට අධික වේ