පොලිස් නිලධාරීන් පිරිසක් ජුනි මස 7 වන දින මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල අතර ඒ 85000 ක පමන සමස්ත පොලිස් නිලධාරීන් පිරිස නියෝජනය කරමින්.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පි. පද්මන් සූරසේන, ගාමිණි ආර්. අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයේන් 2019.07.01 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවිමට නියමිත අතර එහිදි මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යනවාද යන්න තීරණය කිරිමට නියමිතයි.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම රාජ්‍ය පරිපාලන 20/2018 චක්‍රලේඛයට අනුව වැඩි කරන ලද සංයුක්ත දීමනාව පොලිස් නිලධාරීන්ට ගෙවීම කප්පාදු කිරිමට එරෙහිව ගොනු කර තිබේ.

මෙම මුලික අයිතිවාසිකම් නඩුවේ වග උත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාත්, කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 25 දෙනාත්, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යංශයේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරුන් හා නීතිපති වරයා නම්කර තිබේ.

මුලික අයිතිවාසිකම් නඩුවේ  පෙත්සම්කරුවන් ලෙස මූලිකව පොලිස් නිලධාරීන් හා නිලධාරීනියන් සය දෙනකුද,  මුලික අයිතිවාසිකම් පෙත්සම සඳහා දිවයින පුරා රාජකාරි කරනු ලබන පොලිස් ස්ථානයන්හි නිලධාරීන් 65000 ක පමන ප්‍රමානයක් පෙත්සම සඳහා සහයෝගය පල කර  ඇති අතර ශ්‍රි ලංකා පොලිස් ඥාති සංසඳය විසින් මෙම පෙත්සම සදහා සම්බන්ධීකරණය කර ඇත.