දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක නිරත වෙයි.

දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බවයි.

ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය ‍කර තිබේ.

කෙසේ වෙතත් රජය පවසන්නේ සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඊට විසඳුම් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව රජය පවසයි.

මේ අතර දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ(27) ගැසට් නිවේදනයක් නිකුත් කළේය.