චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (29) ජපානයේ ඔසාකාහිදී G20 කණ්ඩායමේ 14වැනි නායක සමුළුවට එක් වීම සඳහා ජපානයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු විය.

චීනය හා ඇමරිකාව සමානත්වය හා අන්‍යෝන්‍ය ගරු කිරීම පදනම් කොට ගනිමින් ආර්ථික හා වෙළඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙරටේ නායකයන් එහිදී එකඟ වී තිබේ. ඇමරිකාව චීන නිෂ්පාදිතයන් කෙරෙහි නව තීරු බදු නොපනවනු ඇති බව එම හමුවෙන් හෙළි විය.

දෙරටේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් ඒ පිළිබඳ සවිස්තර කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇත.